වැස්සෙන් ගාල්ල යට වෙයි


( සුමතිපාල දීයගහගේ  සහ සිරංගිකා ලොකුකරවිට )


ගාල්ල ප්‍රදේශයට ඊයේ (12)  රාත්‍රියේ  සිට පැය තුනක කාලයක් තිස්සේ ඇද හැලුන ධාරානිපාත මහ  වැසි  නිසා ගාල්ල නගරයේ ප්‍රදේශ රැසක් ජලයෙන් යට වී තිබේ. 


 ගාල්ල මහාවිදිය , වක්වැල්ල පාර , දංගෙදර , තනිපොල්ගහ හන්දිය බෙලිගහ හන්දිය කලේගාන නුගදූව සමගිවත්ත යන ප්‍රදේශ ඇතුලු  තවත් ප්‍රදේශ රැසක මහා මාර්ග අතුරු මාර්ග මෙන්ම නිවාස සහ කඩ සාප්පුද ජලයෙන්  යට වී තිබේ.


 බොහෝ ප්‍රදේශවල මාර්ග  අයිනේ ඇති කඩ සාප්පු අඩි දෙකක් පමණ ජලයෙන් යට වී ඇත. 


 ගාල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරන ඒකකයේ නිලධාරින් මේවන විට සහන කටයුතුවල නිරතව සිටින අතර ප්‍රදේශයේ ජලය මෙතෙක් අඩු වී නොමැත.