වැසි නැතිව පුත්තලම කලපුවේ අක්කර සිය ගණනක් හිඳිලා


හිරාන් ප්‍රියංකර ජයසිංහ  
 
පවතින වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් මේ දිනවල පුත්තලම කලපුවේ අක්කර සිය ගණනක් සිඳී ගොස් තිබේ.
 

ධීවරයින් පවසන්නේ සෑම වසරකම අගොස්තු මාස වන විට පුත්තලම කලපුව ස්ථාන කිපයකදී අක්කර සිය ගණනක් සිඳී යාම දැක ගත හැකි නමුත් මෙවර තම රැකියාව කර ගෙන යාමට පවා නොහැකි වන ආකාරයට කලපුව සිඳී යාම බරපතලම තත්ත්වයක්    බවයි.
 
කලපුවේ  ජලය සිඳ යාම සති කිපයක සිට පැවතීම නිසා කලපුව තුළ වාසය කල ජලජ ජීවින් අතර කුඩා බෙල්ලන් ලක්ෂ ගණනින් මරණයට පත් ඇති ආකාරයත් කලපුවේ තැනින් තැන තිබු කඩොලාන ශාඛ ද දැඩි අව් රශ්මියත් ජලය නොමැති වීමත් සමග වියලී යමින් තිබේන ආකාරය දැක ගත හැකිය .
 
මේ තත්වය පුත්තලම කල්පිටි මාර්ගයේ පාලවිය පුංචි කලපුව සහ අනෙක් පසින් පිහිටි පුත්තලම කලපුවට ද තදින් බලපා තිබේ .
 
මේ පිළිබදව අදහස් දැක්වු ධීවරයකු වන එම් නිහාල් මාවතගේ මහතා මෙසේ පැවසීය.
 
“ මේ ආකාරයට පුත්තලම කලපුව කවදාවත් සිඳී ගිහින් නැහැ. දැනට අක්කර 400 ක් 500 කි විතර හිඳිලා ගිහින් තිබේනවා . අනික කලපුවට ජලය එන මර්ග සියල්ල වැසී ගිහින් තිබේනවා . හැමිල්ටන්  ඇල මාර්ගය සම්පුර්ණයෙන් වසා දමා තිබේනවා . මේ ගැන කවුරුත් හොයා බලන්නේ නැහැ . කලපුව හිඳී යාමේන් පාඩුව තදින් බලපාන්නේ ධීවරයින් වන අපිට. මොකද මේ වන විට අපිට රස්සාවක් නැහැ. ඔරු ගාල් කරලා නිකන් ඉන්න තමා වෙලා තියෙන්නේ .‘‘