වැසි නැතිවම කිරිඳිවිට ගංවතුරින් යටවෙයි


( තිලකරත්න දිසානායක.)

ගම්පහ දිස්ත්‍රික්කයට මේ දිනවල වැසි ඇති නොවුවද ඉහළ ප්‍රදේශවලට පවතින වැසි සහිත තත්ත්වය සමග එන ජලය හේතුවෙන් අත්තනගලු ඔය පිටාර ගැලීමෙන් ගම්පහ - ජා ඇල මාර්ගය කිරිදිවිට ප්‍රදේශයෙන් අද (16) දහවල් වන තුරු ජලයෙන් යටව පැවතිණි.

මීට අමතරව ගම්පහ සහ අත්නගල්ල අවට පහත් බිම් කිහිපයක් තවමත් ජලයෙන් යටව පවතියි.