වැසි සමඟ ‘රාවණා ඇල්ල‘ ප්‍රචණ්ඩ වෙයි



(ඞී.කේ.රත්න )

බණ්ඩාරවෙල ප‍්‍රදේශයට මේ දිනවලදී ඇදහැලෙන වර්ෂාවත් සමඟ ඇල්ල ‘රාවණා ඇල්ල‘ ජල පහර සැඩ වී තිබීම නිසා දැඩි අනතුරුදායක තත්ත්වයක් මතුවී ඇතැයි ඇල්ල පොලීසිය පවසයි. 

මේ වන විට රාවණාඇල්ල දිය ඇල්ලේ ජලය විශාල ලෙස ගලා යන අතර බණ්ඩාරවෙල ඉහල ප‍්‍රදේශයට වර්ෂාව ලැබීමත් සමඟ ඇල්ල ප‍්‍රදේශයට වර්ෂාව නොලැබුණද  රාවණා ඇල්ලේ ජලය විශාල ලෙස වැඩිවීමෙන් මෙම තත්ත්වය ඇතිවී  තිබේ.

ඇල්ලේ දියනෑම සඳහා දෙස් විදෙස් සංචාරකයින් විශාල ප‍්‍රමාණයක් දිනපතාම පැමිණෙන අතර ඇල්ලේ සැඩ පහර වැඩිවීමෙන් දැඩි ජීවිත අවදානමක්ද මතුවී තිබේ.

මෙම තත්ත්වය නිසා මේ දිනවලදී ඇල්ල රාවණාඇල්ල දිය ඇල්ලට බැස දියනෑමෙන් වැළකී සිටින්නැයි ඇල්ල පොලීසිය සංචාරක පිරිස්වලින් ඉල්ලා සිටිති.