වික්ටෝරියා ජලය අඩුවෙයි - පැරණි නගරය මතුවෙයි


(මොහොමඩ්  ආසික්)

මහනුවර දිස්ත්‍රික්කයේ  ඇතැම් ප්‍රදේශවලට කඩින් කඩ තද වැසි ඇති වුවද සමස්තයක් වශයෙන් බොහෝ  ප්‍රදේශවල මේ වන විටත් දැඩි වියළි කාලගුණයක් පවතී.

මධ්‍යම කඳුකරයේ  ප්‍රධානතම  ජලාශය වන වික්ටෝරියා ජලාශයේ ජල මට්ටම ඉතා ශීඝ්‍ර ලෙස පහත වැටී තිබීම නිසා වික්ටෝරියා ජලාශයට යටව ඇති පැරණි තෙල්දෙණිය නගරය  මේ  දිනවල යළි මතුව තිබෙන අයුරු දැකගත හැකිය.