වික්ටෝරියා ජලාශයේ පතුලට යටවූ පැරණි තෙල්දෙණිය නගරය යළි මතුවෙයි


(නිශාන්ත කුමාර)

ගතවූ කාලය තුළ නිසි වර්ෂාවක් නොලැබීම හේතුවෙන් මේ වන විට මධ්‍යම කඳුකරය තුළ පවතින්නේ දැඩි නියඟයකි.

කලකින් නිසි වර්ෂාවක් නොලැබීමත් පවත්නා නියං තත්වයත් හේතුවෙන් මේ වන විට මධ්‍යම කඳුකරයට ඇද හැලෙන වර්ෂාවෙන් පෝෂණය ලැබූ ගංගා ඇළ දොළ රැසක්ම වියළී ගොසිනි.

පෝෂණ ගංගාවන්ගෙන් ලැබෙන ජල මට්ටම පහත වැටීමත් සමඟම වෙනදා උතුරා පිටාර ගලන වික්ටෝරියා ජලාශයේ පතුල පෑදීමට පටන්ගෙන ඇත. 

එය ඉදිකිරීමේදී ඊට යටවී තිබූ තෙල්දෙණිය පරණ නගරයේ නටඹුන් ද මේ වන විට මතුවී පෙනෙන්නට පටන්ගෙන තිබේ.