විජය කුමාරතුංග ගුණ සැමරේ


(ප්‍රසාද්  මුතුකුඩ )

ශ්‍රී ලංකාවේ ප්‍රබල දේශපාලනඥයකු ශ්‍රී ලාංකීය සිනමාවේ ජනප්‍රියම නළුවකු වූ විජය කුමාරතුංග මහතාගේ 30 වැනි අනුස්මරණ ගුණ සැමරුම හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියගේ ප්‍රධානත්වයෙන් අද (16) සීදූවේදී පැවැත්විණි.

විජය පදනම සංවිධානය කරන ලද එම උත්සවයේදි කුමාරතුංග මහත්මිය අතින් විජය සමාධියට පුෂ්පෝපහාර දැක්වූවාය.

එම උත්සවයට හිටපු අමාත්‍ය  පීලික්ස් පෙරේරා මහතා ,නියෝජ්‍ය ඇමතිනි සුදර්ශනි ප්‍රනාන්දු පුල්ලේ  මහත්මිය , විජය කුමාරතුංග මහතාගේ පවුලේ ඥාතීහූ ඇතුළු පිරිසක් එක්වූහ.

එම උත්සවයෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් කුමාරතුංග මහත්මිය පැවසුවේ විමුක්ති කුමාරතුංග මහතා දේශපාලනයට එක්කිරීමට අදහසක් නොමැති බවයි.