විදුලි සංදේශ කොමිසමේ නව සභාපති ඔස්ටින් ප්‍රනාන්දු වැඩ අරඹයි


ශ‍්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ නව සභාපතිවරයා ලෙස ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මහතා අද (19) වැඩ බාර ගත්තේය.

එම අවස්ථාවට ශ‍්‍රි ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්‍ෂ ජනරාල් කිංස්ලි ප‍්‍රනාන්දු, නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල් ශමල් ජයතිලක ඇතුළු සමස්ථ කාර්යමණ්ඩලය එක්ව සිටියහ.