විදුලිය බිඳවැටීමෙන් කොළඹ මාර්ග හිරවෙයි


(යොහාන් භාසුර)

විදුලිය සම්ප්‍රේෂණ පද්ධතියේ දෝෂයක් හේතුවෙන් රට තුළ සමස්ත විදුලිය සැපයුම අද (03) පෙරවරුවේ බිඳ වැටීමත් සමඟ කොළඹ නගරයේ විදුලි සංඥාා ක්‍රියාවිරහිත වීමෙන් දැඩි වාහන තදබදයක් නිර්මාණය විය.

විදුලි සැපයුම නොමැති වීමෙන් ඉන්ධන පිරවුම්හල්වල පිරවුම් යන්ත්‍ර ද ක්‍රියාවිරත වූ අතර ඒ හේතුවෙන් ඉන්ධන පිරවීම නතර වීමෙන් කොළඹ නගරයේ ඉන්ධන පිරවුම්හල් පාළුවට ගොස් ඇති ආකාරය දැක ගත හැකිවිය. 

  (ජායාරූප - රුෂිරු කොළඹතන්ත්‍රිගේ)