විනීත රියදුරන්ට පොලිසියෙන් තෑගි


(ජයමාල් චන්ද්‍රසිරි)

කොළඹ නගරයේ විනීතව හා විනයගරුකව රිය පදවන රියදුරන් හඳුනාගෙන ඔවුන්ට මුදල් තෑගි පිරිනැමීමේ වැඩසටහනක් අද(18) සිට සතියක් පුරා ක්‍රියාත්මක කර ඇතැයි පොලිස් මූලස්ථානය පවසයි.

පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ සංකල්පයක් මත මෙම වැඩසටහන ක්‍රියාත්මක කර ඇති පොලිස්පතිවරයාගේ ප්‍රධානත්වයෙන් අද කොළඹ නෙළුම් පොකුණ රඟහල ඉදිරිපිට දී මෙය ආරම්භ කෙරිණි.