විපක්ෂ නායක කාර්යාලයේ තෛපොංගල් දින උත්සවයක්


විපක්ෂ නායක  කාර්යාලය විසින් සංවිධානය කළ තෛපොංගල් දින සැමරුම් උත්සවයක් විපක්ෂ නායක  සජිත් පේමදාස මහතාගේ සහභාගිත්වයෙන් අද (15) සවස විපක්ෂ නායක කාර්යාලයේ දී පැවැත්විණි.

ශ්‍රී ලංකා  හින්දු  පූජක සංගමයේ සභාපති  වෛතීෂ්වර  කුරුක්කල්තුමන්  විසින්  විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස  මහතාට  ආශිර්වාද  කරමින්  හින්දු ආගමික වතාවත්  සිදුකළේය.  

විපක්ෂ නායක  සජිත් ප්‍රේමදාස මහතාගේ බිරිඳ ජලනි  ප්‍රේමදාස , මව හේමා ප්‍රේමදාස , හිටපු අමාත්‍යවරුවන් වන  මනෝ ගනේශන්, ඒ.එච්.එම්.ෆවුසි, විජයකලා මහේශ්වරන්, ජොන් අමරතුංග ,රවී කරුණානායක ,හර්ෂ ද සිල්වා , හිටපු  විපක්ෂ නායක  ආර්.සම්පන්දන් යන  මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.

(ඡායාරූප - චතුර එස් .කොඩිකාර)