විපක්ෂ නායක-සෞදි කතානායක අතර හමුවක්


(ශාන්ත රත්නායක)

සෞදි අරාබියානු පාර්ලිමේන්තුවේ කථානායක ආචාර්ය  අබ්දුල්ලා බින් මොහොමඩ් බින්  ඉබ්‍රහීම් හා විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා අතර හමුවක් අද (08) විජේරාම මාවතේ පිහිටි නිල නිවසේදී පැවැත් විය.

එහිදී මහින්ද රාජපක්ෂ මහතා පාලන කාලය තුළ සෞදි අරාබියානු රජය සමඟ සමීපවකටයුතු කිරීම ගැන සෞදි අරාබියානු කතානායකවරයා මෙහිදී ස්තූතිය පුද කළේය.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ සෞදි අරාබියානු තානපති අබ්දුල් නසාර් බින් හුසෙන් අල් හර්ති  ,  හිටපු අමාත්‍ය මහාචාර්ය ජී. ඇල් පීරිස්, විපක්ෂ නායක ලේකම් හර්ෂ විජේවර්ධන යන මහත්වරුන්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.