විපක්‍ෂනායකවරයා සෝමාවතිය පුදබිම වැඳපුදා ගනී


(නාලක සංජීව දහනායක)

විපක්‍ෂනායක මහින්ද රාජපක්‍ෂ මහතා අද (8) පොළොන්නරුව ඓතිහාසික සෝමාවතිය රජමහා විහාරය වෙත පැමිණ ආගමික වාතාවත් වල නිරත වී ආශීර්වාද ලබාගත්තේය.

අනතුරුව විපක්‍ෂනායකවරයා සෝමාවතී රජමහා විහාරාධිපති මල්වතු පාර්ශ්වයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී පහමුණේ ශ්‍රී සුමංගල හිමියෝ සමඟ කෙටි සාකාච්ඡාවක ද නිරතවිය.

පොළොන්නරුව දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්වන රොෂාන් රණසිංහ, සිරිපාල ගම්ලත් යන මහත්වරුන්ද මහනුවර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී ලොහාන් රත්වත්ත මහතාද මෙම අවස්ථාවට සහභාගීවූහ.