විපතට පත්වුවන් බේරා ගැනීමට යුද හමුදාව දැවැන්ත වෑයමක



 
හිරාන් ප්‍රියංකර ජයසිංහ

 
පුත්තලම දිස්ත්‍රික්කයේ ගංවතුරින් පීඩාවන්ට පත්වු පිරිස් බේරා ගැනීමේ කටයුතුවල අද අලුයම සිට (25 ) යූද හමුදා 16 වැනි බල ඇණියේ ගජබා රේජීමේන්තු නිළධාරින් සහ සෙබළුන් එක්ව සිටින ආකාරය දැකගත හැකි විය. 


පුත්තලම ආපදා කළමනාකරණ සහකාර අධ්‍යක්ෂ ඒ.එම්.ආර්. අලහකොන් මහතා පවසා සිටියේ මේ වන විට පුත්තලම දිස්ත්‍රික්කයේ ගංවතුර හේතුවෙන් කොටු වී සිටි පුත්තලම තබ්බෝව, නාත්තන්ඩිය, මහවැව, පල්ලම, මාදම්පේ, යන ප්‍රදේශවල පවුල් 300 කට ආසන්න ප්‍රමාණයක 1000 කට ආසන්න ජනතාවක් නිරුපද්‍රිතව ආරක්ෂිත ස්ථාන වෙත රැගෙන යාමට කටයුතු කළ බවයි.