විමල සුරේන්ද්‍ර ජලාශය වාන් දමයි


(රංජිත් රාජපක්ෂ )   

                   
මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල පිහිටි ජල පෝෂක ප්‍රදේශවලට අද (07) අලුයම සිට කඩින් කඩ ඇද හැලෙන අධික වර්ෂාවක් සමඟ විමලසුරේන්ද්‍ර ජලාශය වාන් දැමිමට පටන්ගෙන ඇති බව නෝටන්බ්‍රිජ් පොලිසිය කියයි.


අද අලුයම සිට නොටන්බ්‍රිජ් විමලසුරේනද්‍ර ජල විදුලි බලාගාර ජල පෝෂක ප්‍රදේශයට අධිකවැසි ලැබෙමින්  පවතින බවයි පොලිසිය කියා සිටින්නේ.


අධික වර්ෂාවත් සමගම ලක්ෂපාන ජලාශයේ එක් වාන් දොරටුවක්ද අද අලුයම සිට විවෘත කර ඇත.