විමලසුරේන්ද්‍ර ජලාශය වාන් දමයි


(රංජිත් රාජපක්‍ෂ)

කාසල්රි ජලාශයේ ජල මට්ටම පිටාර මට්ටමට ආසන්න වීමත් සමග විමලසුරේන්ද්‍ර ජල විදුලි බලගාරයේ උපරිම ධාරිතාවයකින් යුතුව විදුලි උත්පාදනය කිරිමට ජලය ලබා ගැනිම හේතුවෙන් නොර්ටන්බි‍්‍රජ් විමලසුරේන්ද්‍ර ජලාශය අද (1) දහවල් 12සිට වාන් දැමීම ආරම්භ වී ඇත.

කාසල්රි සහ මාවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම ඉහළ යෑමත් සමගම විමලසුරේන්ද්‍ර, ලක්‍ෂපාන, නවලක්‍ෂපාන පොල්පිටිය කැනියොන් යන ජල විදුලි බලාගාරවල විදුලි උත්පාදනය උපරිම ධාරිතාවයකින් සිදුකරන බව විදුලි බල මණ්ඩලය පවසයි.