විල්පත්තුව ආරක්ෂා කරන්න - ’විල්පත්තුව වෙනුවෙන් අපි’


ඩයනා උදයංගනි සහ ශාන්ත රත්නායක
 
විල්පත්තුව ආරක්ෂා කරන්නැයි ඉල්ලා 'විල්පත්තුව වෙනුවෙන් අපි' සංවිධානය මගින් පැවැත්වූ උද්ඝෝෂණයක් හා පා ගමනක් කොළඹ දී අද (14) පැවැත්විණි.
 
කොළඹ විහාර මහා දේවී උද්‍යානය අසලට රැස්වූ පිරිස එතැන් සිට ‍තුම්මුල්ලේ පිහිටි එක්සත් ජාතීන්ගේ කාර්යාලය දක්වා පා ගමනක ද නිරත වූ අතර එහිදි උද්ඝෝෂණයක නිරත වූහ.