විල්පත්තුවේ විල් සිඳී ජලය බවුසර වලින් ගෙනෙයි


(හිරාන් ප්‍රියංකර ජයසිංහ)

පවතින නියං තත්වය හේතුවෙන් විල්පත්තුව ජාතික වන උද්‍යානයේ කුඩා විල්ලු රැසක් සිදි යාම නිසා ඉදිකර ඇති ජල පොකුණු වෙත බවුසර් මගින් ජලය දැමිමට විල්පත්තුව වන ජීවි නිළධාරිහු කටයුතු කරමින් සිටිති. අලි ඇතුන් හා අනිකුත් තෘණ ආහාරයට ගන්නා වන සතුන් දැඩි පිඩාවට පත්ව ඇති බව වන ජීවි නිළධාරින් පවසයි. වන සතුන් වෙනුවෙන් උද්‍යානය ඇතුළත ඉදිකර ඇති ජල පොකුණු වෙත බවුසර් මගින් ජලය ගෙන යයි. 

දිගින් දිගටම නියං තත්වය පැවතුණ හොත් වන සතුන් දරුණු ආහාර හිඟයකට මුහුණ දෙනු ඇතැයි වන ජීවි නිළධාරිහු පවසති.