විශ්වාස භංගයෙන් ජයගත් අගමැති ආශිර්වාද ගන්න ගංගාරමයට එයි


අංජුල මහීක වීරරත්න
 
විශ්වාස භංගය පරාජය කිරීමෙන් අනතුරුව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයට පැමිණ ආශිර්වාද ලබා ගත්තේය.

 
ගංගාරාමාධිපති කොළඹ නව කොරළේ ප්‍රධාන සංඝ නායක ගල්බොඩ ඥාණිස්සර නාහිමි ප්‍රමුඛ මහා සංඝරත්නය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට ආශිර්වාද කිරීමසඳහා සෙත් පිරිත් සජ්ඣායනා කළහ.
 
අනතුරුව අගමැතිවරයාට ආශිර්වාද කරමින් ගල්බොඩ ඥාණිස්සර නාහිමියන් පැවසුවේ ලාභ අලාභ යස අයස නින්දා ප්‍රසසංසා දුක සැප යන අටලෝ දහමින් කම්පා නොවන වික්‍රමසිංහ මහතාගේ දේශපාලන ජීවිතයට ඉදිරියේදී සත් පුරුෂ සත්‍ය ලැබෙනු ඇති බවයි. 
 
මෙම පිංකමට මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය ද, මැති ඇමැතිවරු ද එක්ව සිටියහ. 

ඡායාරූප - ශාන්ත රත්නායක සහ ළහිරු හර්ෂණ