විශ්වාසභංගය පරාජය කරන්න දේව කන්නලව්වක්


(දීපාල් ද සිල්වා) 
 
අගමැතිට එරෙහි  විශ්වාසභංගය  පරාජය කරන ලෙස ඉල්ලමින් ශ්‍රි ලංකා දේශාහිමානි පෙරමුණේ සාමාජිකයින් පිරිසක් හික්කඩුව සීනිගම දෙවොල් දේවාලයේදි  අද (04) උදෑසන දේව කන්නලව්වක්  කර  පා ගමනින් පාර්ලිමේන්තුවට යාමට පිටත් වුහ.   

බදාදා (04)  පාර්ලිමේන්තුව ඉදිරිපිට දි දෝෂාභියෝගය පරාජය කරන ලෙස ඉල්ලමින් විරෝධතාවක  නිරතවන බවද එහි සභාපති දකුණු පළාත් සභා  හිටපු මන්ත්‍රි පුෂ්පකුමාර ද සොයිසා මහතා සඳහන් කළේය.