විශේෂ අවශ්‍යතා ඇති පිරිසක් සමඟ අගමැති උපන්දිනය සමරයි


(නිමල කොඩිතුවක්කු)
 
අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ 70 වැනි උපන් දින සාදය විශේෂ අවශ්‍යතා ඇති පිරිසක් සමඟ කොළඹ අරලියගහ මන්දිරයේදි අද(24) පස්වරුවේ සමරනු ලැබීය.
 
සිය උපන් දිනය වෙනුවෙන්  එම පිරිස සමග කේක් ගෙඩියක්ද කැපූ අගමැතිවරයා ඔවුන් සමග සිය උපන්දිනයේ සතුට බෙදා ගත්තේය.
 
එහිදී එම පිරිස වෙත කෘතිම පාද සහ ත්‍යාග පිරිනැමූ අගමැතිවරයා ඔවුන්ට  ආහාර පාන වලින්ද සංග්‍රහ කළේය. මීට අමතරව එහි සිටි දරුවන් සඳහා බැංකු ගිණුම් ප්‍රදානය කිරිමද  අගමැතිවරයාගේ   ප්‍රධානත්වයෙන්  සිදුකෙරිණ.
 
මෙම අවස්ථාවට වැඩම කළ සේදවත්ත පුරාණ විහාරාධිපති අබන්පොල ඥාණාලෝක හිමි,  ගංගොඩවිල පුෂ්පාරාමාධිපති කහටපිටියේ පඤ්ඤාසාර හිමි  ඇතුලූ මහා සංඝරත්නය   රනිල් වික්‍රමසිංහ මහතාට ෙසත් පතා පිරිත් නූල් බැඳ   ආශිර්වාද  කළහ. මෙම අවස්ථාවේදී අදහස් දැක්වූ  අගමැති රනිල් වික්‍රමසිංහ  මහතා මෙසේද කීය.
 
මෙම අවස්ථාවට අගමැතිවරයාගේ බිරිඳ මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ, අගමැති කාර්‍ය මණ්ඩල ප්‍රධානී අමාත්‍ය සාගල රත්නායක, ජනමාධ්‍ය අමාත්‍ය හා ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන, පාර්ලිමේන්තු  මන්ත්‍රීවරුන් වන කාවින්ද ජයවර්ධන, ආශු මාරසිංහ යන මහත්වරු ඇතුලූ පිරිසක් ද එක්ව සිටියහ.
 
 (ඡායාරූප- ජයමාල් චන්ද්‍රසිරි)