වී අලෙවි මණ්ඩලයේ අටු කොටු පිරෙයි


(ප්‍රියානි මංගලිකා)

නව මිල ගණන් යටතේ  වයඹ පලාත් වී මිලදී ගැණීම් වී අලෙවි මණ්ලඩය මගින් වයඹ පළාතේ ගබඩා මධ්‍යස්ථාන 08 කදී ආරම්භ කළ බව වයඹ පලාත් බාර ප්‍රාදේශීය කළමනාකාර රසිත වෙරංග මහතා පවසයි.

නාඩු කිලෝව රුපියල් 90/= ද,සම්බා කිලෝව රුපියල් 92/= ද කීරි සම්බා කිලෝව රුපියල් 95 /= ද ලෙස වී මිලදී ගැණීම් සිදු කෙරෙන අතර  ප්‍රවාහන ගාස්තු ලෙස වී කිලෝවකට රුපියල් දෙකක මුදලක් ලබා දෙන බව කළමනාකාරවරයා පැවැසීය.

නිකවැරටිය ,මහව, ගල්ගමුව ,වරාවැව ,මීගලෑව ,ගැට්ටුවාන,හිරිපිටිය, මාඑලිය ,යන ප්‍රධා ගබඩා මධ්‍යස්ථාන 08 මගින් මෙවර මාස් කන්නයේ වී මිලදී ගැණීම සිදු කරණ බවද ඒ සඳහා අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන ලැබී තිබෙන බව ද ඔහු කියයි.

අවශ්‍ය ගබඩා ධාරිතාවයද සපුරා ඇති බවද වෙරංග මහතා සඳහන් කලේය.

වයඹ කලාපයෙන් අද  (07) උදෑසන වන විට වි කිලෝ ලක්ෂ 23 ක වී ප්‍රමාණයක් ගොවීන් ගෙන් මිලදී ගෙන ඇත.