වෙඩි තැබීමකින් ’සන්ෂයින් සුද්දා’ මියයයි


(නිමන්ති රණසිංහ සහ ක්‍රිෂාන් ජීවක ජයරුක්)

මාතර කොටවිල ප්‍රදේශයේ දී ඊයෙ (03) දහවල් සිදු වූ වෙඩි තැබීමකින් පාතාල කල්ලි සාමාජික අමිල ප්‍රසන්න හෙට්ටිහේවා නොහොත් 'සන්ෂයින් සුද්දා' නමැත්තා මරුමුවට පත්ව ඇතැයි පොලීසිය කියයි.

මරණකරු මාතර කොටවිල ප්‍රදේශයේදී ඔහුගේ මෝටර් රථය පදවා ගෙන යමින් සිටියදී යතුරු පැදියකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවකු ඊයෙ (03)ක් දහවල් 11.55 ට පමණ මෙම වෙඩි තැබීම සිදුකර පලාගොස් ඇතැයි කොටුවිල පොලිසිය කියයි.

මෙම වෙඩි තැබීමෙන් මරණකරු එම ස්ථානයේදීම මියගොස් ඇති අතර ඔහුගේ අනියම් සම්බන්ධතාවයක් මත හෝ හෙරොයින් මත්ද්‍රව්‍ය ජාවාරමට අදාළව මෙම වෙඩි තැබීම සිදු වන්නට ඇතැයි පොලිසිය සැක පළ කරයි.

හෙරොයින් ග්‍රෑම් දහයක් සන්තකයේ තබා ගැනීමේ සිද්ධියට අදාළව කොටුවිල පොලිසිය මොහු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇප මත නිදහස්ව සිටින අතර, මේ වන විටත් එම නඩු විභාග වෙමින් පවතින බව පොලීසිය පවසයි.

අමිල ප්‍රසන්න හෙට්ටිහේවා නොහොත් 'සන්ෂයින් සුද්දා' (30) නමැත්තා මහා පරිමාණ හෙරොයින් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වූ දකුණේ පාතාලය පාතාලයේ මදූෂ් ලක්ෂිත නොහොත් "මාකඳුරේ මධූෂ්" ගේ ප්‍රධාන ගෝලයකු වශයෙන් සිටිමින් හෙරොයින් ජාවාරමේ නිරත වූ පුද්ගලයකු බව බුද්ධි අංශ තොරතුරු අනාවරණය කරගෙන තිබිණි.

මාකඳුරේ මධූෂ් මියයන්නට පෙර ඩුබායි රාජ්‍යයේ සිටියදී පැවැත්වූ ඔහුගේ දියණියගේ සුපිරි උපන්දින සාදයේදී බ(ර්)ඩුබායි පොලිසියට කොටු වූ ශ්‍රී ලාංකිකයින් අතර සන්ෂයින් සුද්දා ද සිටියේය. පසුව එරට පොලීසිය විසින් මොවුන් මෙරටට පිටුවහල් කරනු ලැබීය.

මොහු, ඩුබායි රාජ්‍යයේ සේවය කරමින් සිට මෙරටට පැමිණ මිරිස්ස ධීවර වරායේ ධීවර බෝට්ටු කිහිපයක හිමිකරුවකු ලෙසින් මෙන්ම හෝටලයක හිමිකරුවෙකු සහ ව්‍යාපාරිකයකු ලෙස කටයුතු කරමින් සිටී සිටි බවද පොලිසිය පවසයි.

අමිල ප්‍රසන්න හෙට්ටිහේවා නොහොත් 'සන්ෂයින් සුද්දා' යන අයට ඉකුත් 2020 වර්ෂයේ මැයි මස තිස් වෙනිදා ද වෙඩි ප්‍රහාරයක් එල්ල වන්නේ මාතර වැලිගම මිරිස්ස ධීවර වරායේ ප්‍රධාන පිවිසුම් දොරටුව ඉදිරිපිට දී ය. එම වෙඩි ප්‍රහාරයෙන් දිවි බේරා ගැනීමට එදින ඔහු සමත් වූයේය. එම අවස්ථාවේදී වෙඩි තැබීමට පැමිණි එක් සැකකරුවකු පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය. එම සැකකරුගෙන් කරන ලද ප්‍රශ්න කිරීම්වලදී හෙළිවී තිබුනේ මෙම වෙඩි ප්‍රහාරය එල්ල කිරීම සඳහා නියෝගය ලබාදී තිබුණේ මේ වන විට ඩුබායි රාජ්‍යයේ වෙසෙන මිදිගම චින්තක නොහොත් නදුන් චින්තක නොහොත් "හරක් කටා" නැමැත්තා බවට පොලිසිය තොරතුරු අනාවරණය කරගෙන තිබිණි.