වෙඩි වැදී ප්‍රතිකාර ලබමින් සිටි ඇතින්න මිය යයි


(ප්‍රියානි මංගලිකා)
 
වෙඩි වැදීමකින් අනතුරට ලක්ව අසාධ්‍යව,ප්‍රතිකාර ලබමින් ,කුඩා පැටියෙකුද සමග ,ගල්ගමුව දේවගිරිපුර ප්‍රදේශයේ කැලෑවක රැඳී සිටි ඇතින්න අද.17 මිය ගිය බව  නිකවැරටිය වනජීවි පශුවෛද්‍ය ඒකකය පවසයි .
 
පාදයක උඩ කොටසේ වෙඩි වැදීමෙන් දරුණු තුවාලයක්.සහිතව ඇවීදීමේ අපහසුවෙන් සිටි මවු ඇතින්නගේ  එම  තුවාලයට ප්‍රතිකාර  ලබමින් සිටියදී මරණයට පත් වූ බවද පශුවෛද්‍ය ඒකකය පැවසීය.
 
ඇතින්නගේ   කුඩා පැටියාද ඇය අසලම රැඳී සිටින බවද,මසක් පමණ වයසැති පැටියා වනජීවි බාරයට ගත් බවද, පශුවෛද්‍ය ඒකකයේ නිලධාරීන් පැවසීය.
 
මරණයට පත්ව  සිටින ඇතින්න වයස අවුරුදු 25 ක පමණ සහ උසින් අඩි අට හමාරක් පමණ බවද වනජීවි නිලධාරීන් පැවසීය.
 
මියගිය ඇතින්නගේ සිරුර පිලිබඳව හදිසි මරණ පරීක්ෂණය සිදු කිරීමට නියමිතව ඇති බවද.නිකවැරටිය වනජීවි පශුවෛද්‍ය ඒකකය පැවසීය .
 
නිකවැරටිය වනජීවි පශුවෛද්‍ය ඒකකය බාර වයඹ වනජීවි පශුවෛද්‍ය ඉසුරු හේවාකෝට්ටගේ ,අඩවි සහකාර මංජුල විජේපාල ,වන සත්ව නියාමක නිලධාරීන් වන ලලිත් පෙරේරා සපුමල් බංඩාර, රියදුරු හේරත් යන මහතුන් විසින් ගල්ගමුව වනජීවි නිලධාරීන් ගේද සහය ඇතිව වෙඩි වැදුන ඇතින්නට ප්‍රතිකාර සිදු කෙරිණි .