වෙනුසියුලාවට අත නොතබනු සම්මන්ත්‍රණය මරදානේදී


වෙනිසියුලානු  කොමියුනිස්ට්  තරුණ  සංගමය   සහ  මෙරට  සමාජවාදී   තරුණ සංගමය   අතර   මිත්‍රත්ව  වැඩසටහනට   සමගාමීව   "වෙනුසියුලාවට  එරෙහිව අධිරාජ්‍යවාදී  මැදිහත්වීම්   වහා  නවත්වනු "  මැයෙන්   සම්මන්ත්‍රණයනක්    මරදාන   සමාජීය   හා  සාමයික   කේන්ද්‍රයේ දී අද  (01) පැවැත්විය.

මෙම  අවස්ථාවට   ශ්‍රී ලංකාවේ  කියුබානු  තානාපති  ජුවානා  එලේනා රාමෝස් , වෙනුසියුලානු කොමියුනිස්ට් තරුණ සංගමයේ  ප්‍රධාන   ලේකම්  හෙක්ටර්   අලේජෝ ,  එහි    ජාත්‍යන්තර සබදතා  කටයුතු   ලේකම්  ජෝදාන්   ගේබියෙල්  ,ප්‍රවීන   මාධ්‍යවේදී    මහින්ද  හත්තක  ,  සමාජවාදී තරුණ සංගමයේ  ජාත්‍යන්තර  කටයුතු  පිළිබඳ   ලේකම්  අංජන  සම්පත් , එහි  ජාතික  සංවිධායක   එරංග  ගුණසේකර   යන  මහත්ම  මහත්මීන් ඇතුළු පිරිසක් සහභාගි වූහ.  

ඡායාරූප - චතුර එස් .කොඩිකාර