වෙබ්ලිවත්ත ඉසිපතන ආරණ්‍යය සේනාසනයට පොලිසියෙන් ආධාර


(චමිල් රෑපසිංහ)

පිණ්ඩපාතයෙන් දානමය අවශ්‍යතාවය පිරිමසා ගන්නා මෙහෙණින් වහන්සේලා 20 ක් පමණ භාවනායෝගිව සිටින උඩුනුවර වට්ටප්පල වෙබ්ලිවත්ත  ඉසිපතන ආරණ්‍යය සේනාසනයට වෙලම්බඩ පොලිස් ස්ථානයේ පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුලු පොලිස් නිලධාරින් පිරිසක් විසින් ආහාර ද්‍රව්‍ය පරිත්‍යාග කිරීමක් අද (04) සිදුකෙරිණි.

මේ දිනවල පවතින ඇදිරි නීති තත්ත්වය හේතුවෙන් පිණ්ඩපාතයේ යෑමට හැකියාවක් නොමැති බවත් ආරණ්‍යය සේනාසනයට කිලෝ මීටර් 3 ක් පමණ දුරක් පැමීණීමට යුතු බත් එම නිසා දායක පිරිස් හට පැමිණිමට නොහැකි තත්වයක්ද පවතින බවත් ඉසිපතන ආරණ්‍යය සේනාසනයේ ප්‍රධාන මෙහෙණින් වහන්සේ වන අස්වැද්දුමේ සුදේශිකා මෙහෙනින් වහන්සේ පැවසුහ.

ආරණ්‍යය සේනාසනයට අසල දායක දායිකාවන්ගෙන් දානමය කටයුතු ලැබුණත් මෙහෙනින් වහන්සේලා විශාල ප්‍රමාණයක් සිටින නිසා මේ දිනවල දානමය කටයුතු සඳහා දැඩි අපහසුතාවයක් පවතින බවත් ඉසිපතන ආරණ්‍යය සේනාසනයේ ප්‍රධාන මෙහෙණින් වහන්සේ සඳහන් කළහ.