වෙළෙඳ සංකීර්ණය කඩා දැමීමට ආවෝ ආපසු යති


ගයාන් අමරසේකර
කොළඹ ජාතික රෝහල ඉදිරිපිට ඇති ස්වයං රැකියා වෙළෙඳ සංකීර්ණය කඩා ඉවත් කිරීමට නගර සභා සේවකයින් උත්සහා කළ ද එහි වෙළෙඳුන්ගේ විරෝධය හේතුවෙන්  එය අසාර්ථක විය.
පදික වෙළෙඳුන් වෙනුවෙන් ඉකුත් රජය විසින් ඉදිකර දී ඇති මෙම වෙළෙඳ සංකීර්ණය ඉවත් කිරීමට කොළඹ නගර සභාව තීරණය කර ඇත. වෙළෙඳ සංකීර්ණය කඩා ඉවත් කිරීමට  පොලිසිය ද සමග නගර සභාව පැමිණියත් වෙළෙඳුන්ගේ දැඩි විරෝධය නිසා එය නතර විය