වෛද්‍ය වර්ජනයෙන් රෝගීන් අපහසුතාවයට


ශ්‍රි ලංකාව සහ සිංගප්පුරුව අතර අත්සන් කරන ලද නිදහස් වෙළඳ ගිවිසුමට විරෝධය පාමින් රජයේ වෛද නිලධාරින්ගේ සංගමය විසින් දිවයින පුරා අද (17) ආරම්භ කර ඇති සංකේත වැඩ වර්ජනය හේතුවෙන් රෝගීහු දැඩි අසීරුතාවයට පත්වුහ.

වතුකරයේ පිහිටි ප්‍රධාන මුලික රෝහල් ඇතුළු ප්‍රාදේශීය රජයේ රෝහල් ගණනාවකටම රෝගීන් පැමිණ සිටි අතර වෛද්‍යවරුන් වැඩවර්ජනය කිරිම නිසා ඔවුන් ආපසු ප්‍රතිකාර නොලබා යන ආකාරයක් දක්නට ලැබුණි.

වෛද්‍ය වැඩ වර්ජනය හේතුවෙන් වතුකරයේ රජයේ රෝහල්වල බාහිර රෝගි අංශය,සායන කටයුතු කිසිවක් සිදු නොකළ අතර, හදිසි අවස්ථා පමණක් ආවරණය කරන බව රෝහල්වල වෛද්‍යවරු පැවසුහ.

 

ඡායාරූප - හැටන් රංජිත් රාජපක්ෂ (වතුකරයේ ජනතාව)

(ඡායාරූප - සිතුම් චතුරංග)  වව්නියාව  මහරෝහලට පැමිණ ප‍්‍රතිකාර ලබාගැනීමට නොහැකිව අපහසුතාවටපත් රෝගීන්.

ඡායාරූප - ජුඩ් සමන්ත (හලාවත මහ රෝහලේ රෝගීන් අපහසුවට පත් වු අයුරු)

ඡායාරූප - කරුණාරත්න ගමගේ (පොළොන්නරු මහ රෝහලේ රෝගීන් අපහසුවට පත් වු අයුරු)

ඡායාරූප - ජවුෆර් ඛාන් (මඩකලපුව මහ රෝහලේ රෝගීන් අපහසුවට පත් වු අයුරු)

 කොළඹ ජාතික රෝහලෙහි රෝගීන් අපහසුතාවට පත්ව සිටි අයුරු  (ඡායාරූප -රොමේෂ් ධනුෂ්ක සිල්වා )

අම්පාර මහා රෝහලේ රෝගීන් අසීරුතාවට පත්ව සිටි අයුරු (ඡායාරූප වසන්ත චන්ද්‍රපාල)

ඡායාරූප - හිරාන් ප්‍රියංකර  (පුත්තලම මහ රෝහලේ රෝගීන් අපහසුවට පත් වු අයුරු)