වෛද්‍ය සංගමයේ පිරිසක් අන්තරේ කැඳවුම්කරු බලන්න වැලිකඩ යති


(ජයමාල් චන්ද්‍රසිරි)

පසුගියදා පැවැති සයිටම් විරෝධී උද්ඝෝෂණයකදී සෞඛ්‍ය අමාත්‍යංශයට බලහත්කාරයෙන් ඇතුළුවීම හේතුවෙන් රිමාන්ඩ් භාරයේ සිටින අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු  ලහිරු වීරසේකර බැලීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නිලධාරීහු පිරිසක් අද(26) වැලිකඩ බන්ධනාගාරයට ගියහ.

එම සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය, ලේකම් වෛද්‍ය නවීන් ද සොයිසා ඇතුළු පිරිසක් එහි ගොස් ලහිරු වීරසේකරගේ සුවදුක් විමසූහ.