වෛද්‍ය සභාවට එරෙහිව විරෝධතාවක්


(නිමල කොඩිතුවක්කු / ඡායාරූප - ඉෂාන් සංජීව)
 
ශ‍්‍රි ලංකා වෛද්‍ය සභාවේ ක‍්‍රියා කළාපයට විරෝධය පළකරමින් රජයේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපිය සංගමය, රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය ඇතුලූ සංගම් කිහිපයක් එක්ව වෛද්‍ය සභාව ඉදිරිපිට ඒකාබද්ධ උද්ඝෝෂණයක නිරත විය.
 
පස්වරු 1.00ට පමණ ආරම්භ වූ මෙම උද්ඝෝෂණය පැයකට අධික කාලයක් පැවති අතර විරෝධතාකරුවෝ එහිදී ශි‍්‍ර ලංකා වෛද්‍ය සභාව වෙත සංදේශයක්ද භාර දුන්හ.
විශ්ව විද්‍යාල ශිෂ්‍යයන්, වෘත්තීය සමිති නියෝජිතයන් ඇතුලූ පිරිසක්ද  මේ සදහා එක්ව සිටි අතර විරෝධතාව අතරතුරදී මිනීපෙට්ටියක ආකෘතියකටද ගිනි තබනු ලැබීය.