වෛද්‍ය සේවා බෝට්ටුවෙන්


(ක්‍රිෂාන් ජීවක ජයරුක්)

මාතර දිස්ත්‍රික්කයේ ගංවතුර ක්‍රමයෙන් බැස යමින් පවතින බව වාර්තාවේ. මේ අතර බෝවන රෝග පැතිරීම වැළැක්වීම, අවතැන් ව සිටින්නන් සඳහා අවශ්‍ය සෞඛ්‍ය පහසුකම් සැපයීම ආදී කටයුතු සඳහා වෛද්‍යවරු, හෙදියෝ ඇතුළු සෞඛ්‍ය කණ්ඩායම් එම ප්‍රදේශවලට ගොස් සිටිති.

මාර්ග ඔස්සේ ගමන් කළ නොහැකි ඇතැම් ස්ථාන කරා වෛද්‍ය කණ්ඩායම් බෝට්ටු මගින් ළඟා වී සිටි ආකාරය දැකිය හැකි විය.