ශ්‍රී මහා බෝ අංකුරයක් තායිවානයට


බී.ජී.චතුරංග
 
ඓතිහාසික  ශ‍්‍රී මහා බෝ සමිඳුන්ගේ අංකුරයක් තායිවානයට වැඩම කරවීමේ  උත්සවයක් අද (26දා) පෙරවරුවේ අනුරාධපුර ජය ශ‍්‍රී මහා බෝ සමිදුන් අභියසදී සිදු කෙරිණි.
 
අටමස්ථානාධිපති ආචාර්ය   පල්ලේගම සිරිනිවාස නාහිමියන්ගේ අනුශාසනා පරිදි මිහින්තලා රාජමහා විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන නාහිමියන් විසින් සංවිධානය කරන ලද මෙම පිංකමට රටවල් 150ක් නියෝජනය කරමින් භික්ෂූන් වහන්සේලා වැඩම කර සිටියහ.