ශ්‍රී ලංකා ඕස්ට්‍රේලියානු සහයෝගයට වසර 70ක්


ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර සංවර්ධන සහයෝගීතාවට වසර 70ක් සැපිරීම නිමිත්තෙන් පැවැත්වෙන ඡායාරූප ප්‍රදර්ශනය ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියායානු මහ කොමසාරිස් බ්‍රයිස් හචිසන් මහතාගේ ප්‍රධානත්වයෙන් ගාල්ල ‘හෝල් ඩී ගෝල්’ හෝටලයේදී ආරම්භ විය. 
 
මෙම ඡායාරූප ප්‍රදර්ශනය 16 වැනිදා දක්වා මහජනතාවට විවෘතව තිබෙන බව ද ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලය සඳහන් කරයි. 
 
ශ්‍රී ලංකාවේ සංවර්ධන ක්‍රියාවලියට ඕස්ට්‍රේලියාව දිගු කලක සිට සහාය දක්වන අතර මානුෂීය, අධ්‍යාපන, සෞඛ්‍ය, සහ රැකියා ව්‍යාපෘති රැසක් යටතේ ශ්‍රී ලංකාවට ඕස්ට්‍රේලියාව ආධාර ලබා දී තිබේ. 
 
පසුගිය වසරේදී ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර සිදු වූ අපනයන වෙළෙඳාමේ වටිනාකම පමණක් ඕස්ට්‍රේලියානු ඩොලර් මිලියන 440ක් බව දත්ත වාර්තා සඳහන් කරයි. 
 
ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වන ඕස්ට්‍රේලියානු අධ්‍යාපන ආයතන සංඛ්‍යාව 23කි. දත්ත වාර්තා අනුව පසුගිය වසරේදී ඕස්ට්‍රේලියාවේ අධ්‍යාපනය ලබන ශ්‍රී ලාංකික සිසු සිසුවියන්ගේ සංඛ්‍යාව 6,000 ඉක්මවා තිබේ. 
 
055