ශ්‍රී ලංකාවට සාමය පතා නවසීලන්තයේ ආගමික පූජා


ශ්‍රී ලංකාවාසී ජනතාවට සාමය සහ සතුට ප්‍රාර්ථනා කරමින් විශේෂ ආගමික පූජාවන් දෙකක් නවසීලන්තයේ හේස්ටිංග්ස් නුවර, තායි බෞද්ධ මධ්‍යස්ථානයේදීත්, නේපියර් නගරයේ ශා. මේරි දේවස්ථානයේදීත් අද (27 සෙනසුරාදා) පවත්වන ලදි. හේස්ටිංස් සහ ඒ අවට පදිංචි ශ්‍රී ලාංකික පවුල් විශාල ගණනක් සහ ඔවුන් හා සබැඳි විවිධ ජාතීන්ට අයත් හිතවත්හු රැසක්ද ඊට සහභාගී වී සිටියහ.

ඒ අතර හේස්ටිං හා නේපියර්හි වැඩබලන නගරාධිපති ෆායේ වයිට් සහ හේස්ටිං හි නියෝජ්‍ය නගරාධිපතිනි ටානියා කර් දෙදෙනා ද පැමිණ සිටියහ.

ඡායාරූප - ඉන්ද්‍රනාථ තේනුවර