ශ්‍රී ලංකාවේ උසම සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේට නිදන් වස්තු තැන්පත් කෙරෙයි


(හේමලතා ඩී. හේවගේ)

ගිරිඋල්ල - මල්ගමුව ශ්‍රී මේධංකරාරාම විහරස්ථානයේ ඉදිකෙරෙන ශ්‍රී ලංකාවේ විශාලතම  සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේගේ උරමඬලේ නිදන් වස්තු තැන්පත් කිරීමේ පූණ්‍යෝත්සවය  ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර  මහනායක, අග්හමහා පණ්ඩිත අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස හිමියෝ ප්‍රමුඛ ත්‍රෛයිනිකායික මහා සංඝරත්නයේ ප්‍රධානත්වයෙන් සහ විජය පුවත්පත් සමාගමේ  අධ්‍යක්ෂ මණ්ඩලයේ සහභාගිත්වයෙන් අද (29 වැනිදා) පැවැත්විණ. මෙම පුණ්‍යෝත්සවයට බුද්ධශාසන අමාත්‍ය ගාමි ර්‍ණ ජයවික්‍රම පෙරේරා මහතා ඇතුළු තවත් ප්‍රභූවරු රැසක්ම සහභාගි වූහ. 

ගිරිඋල්ල - මල්ගමුව ශ්‍රී මේධංකරාරාම විහාරස්ථානයට අයත් අලංකාර පරිසරයකින් සමන්විත උස් භුමියක විහාරාධිපති කෝඳුරවාවල මේධංකර හිමියන්ගේ අනුශාසනා පරිදි  මෙම 88 රියන් සමාධි බදු පිළිම වහන්සේ ඉදිකෙරේ.                                                                                                       

සමාධි බදුු පිළිම වහන්සේගේ උරමඬල මත බුද්ධශාසන අමාත්‍ය ගාමිර්‍ණ ජයවික්‍රම පෙරේරා සහ විජය පුවත්පත් සමාගමේ විධායක අධ්‍යක්ෂ ලාල් ජයවර්ධන යන මහත්වරු නිදන් වස්තු තැන්පත් කළහ. 

මෙම අවස්ථාවට මහා සංඝරත්නය , වයඔ පලාත්සභා මන්ත්‍රී අසංක පෙරේරා, පන්නල  ප්‍රදේශීය ලේකම් සමන්ත වික්‍රමරත්න බණ්ඩාර,  බුද්ධ ශාසන අමාත්‍යංශයේ ලේකම් චන්ද්‍රපේම ගමගේ,  සංස්කෘතික කටයුතු අධ්‍යක්ෂ ජනරාල් අනූෂා ගෝකුල ප්‍රනාන්දු,  විජය පුවත්පත් සමාගමේ නියෝජ්‍ය සභාපති සුජාන් විජයවර්ධන, කර්තෘ මණ්ඩල අධ්‍යක්‍ෂ හා ලංකාදීප ප්‍රධාන කර්තෘ සිරි රණසිංහ , නියෝජ්‍ය සමාන්‍යාධිකාරී (සන්නාම) සුජිත් පතිරන්නැහැ,  නියෝජ්‍ය සමාන්‍යාධිකාරී (ගබඩා) නිමල් වික්‍රමසිංහ යන මහත්ම මහත්මීන් ඇතුඵ සැදැහැවත්හු විශාල පිරිසක් සහභාගිවී සිටියහග විහාරස්ථදායක සභාව හා බුදුරුව සංවර්ධන සමිතිය විසින් මෙම පූණ්‍යෝත්සවය සංවිධානය කරන ලදි.