ශ්‍රී ලංකාවේ පකිස්තානු මහ කොමසාරිස් නාවික හමුදාපති හමුවෙයි


 



ශ්‍රී ලංකාවේ පාකිස්තානු මහ කොමසාරිස්, ෂහීඩ් අහමඩ් හෂ්මට් මහතා අද (30) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතා හමුවිය.
 
 එහිදී, ඔවුන් ද්විපාර්ශ්වික වශයෙන් වැදගත් කරුණු කිහිපයක් සම්බන්ධයෙන් සුහද කතාබහක නිරත විය.
 
එම අවස්ථාව සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කෙරිණි.
 
 මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකාවේ පාකිස්තානු මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක වශයෙන් කටයුතු කරනු ලබන කර්නල් සජාඩ් අලි මහතා ද සහභාගි විය.

(36698)