ශ්‍රීපාද වන්දනාවට අධික ජනකායක්



(රංජිත් රාජපක්ෂ)                        

සිංහල හින්දු අලුත් අවුරුද්ද අවසන්වීමත් සමඟ සති අන්ත දීර්ඝ නිවාඩුවට ශ්‍රී පාදය කරුණා කිරීමට හැටන් මාර්ගය ඔස්සේ විශාල වන්දනාකරුවන් පිරිසක් පැමිණෙමින් සිටින බව නල්ලතන්නිය පොලිසියේ ස්ථානාධිපති  ලක්සිරි ප්‍රනාන්දු මහතා පැවසීය.
 
වන්දනාකරුවන් පැමිණි වාහන නල්ලතන්නියේ සියලු රථගාල්වල ගාල් කළ බවද සෙසු වාහන නල්ලතන්නිය මරේ මංසන්ධියේ සිට රිකාටන් දක්වා මාර්ගයේ එක් පසක ගාල් කල බවද පොලිස් ස්ථානාධිපතිවරයා කියා සිටියේය.
 
දුම්රියෙන් පැමිණෙන වන්දනාකරුවන් වෙනුවෙන් හැටන් දුම්රිය ස්ථානයේ සිට නල්ලතන්නිය දක්වා හැටන් ලංගම ඩිපෝව මගින් ලංගම බස් රථ ගණනාවක් ධාවනයට එක් කර ඇති අතර,  පෞද්ගලික බස් රථ ගණනාවක්ද ධාවනයට යොදවා තිබේ.
 
ශ්‍රී පාද වන්දනාකරුගේ ආරක්ෂාව සඳහා දිවා රාත්‍රී දෙකෙහිම විශේෂ ආරක්ෂිත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇති බව නල්ලතන්නිය පොලිසියේ ස්ථානාධිපතිවරයා වැඩිදුරටත් පැවසීය.