ශිෂ්‍යත්ව විභාගයට සිටි සිසුන්ගේ මව්පියෝ අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරියේ



(ශාන්ත රත්නායක)

ශිෂ්‍යත්ව විභාගයෙන් දරුවන් පාසල්වලට බදවා ගැනීමේ කඩයිම් ලකුණු පහත දමන ලෙස රජයට බලකරමින් පාසල් සුරැකීමේ ජනතා  ව්‍යපාරය සංවිධානය කරන ලද උද්ඝෝෂණයක් අද( 17)  බත්තරමුල්ල ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට පැවැත්විණි.

එයට ශිෂ්‍යත්ව විභාගය සදහා පෙනීසිටි සිසුන්ගේ මව්පියෝ විශාල පිරිසක් සහභාගී වි සිටියහ.