සංඝරත්නයේ ආශිර්වාද මැද රජයේ වැඩ අරඹයි



 

එක්සත් ජාතික පෙරමුණු සමඟි සන්ධාන රජයේ නව වසරේ වැඩ කටයුතු මහා සංඝරත්නයේ සෙත් පිරිත් සජ්ඣායනා මධ්‍යයේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ අරලියගහ මන්දිරයේදී අද (1) පෙරවරුවේ ආරම්භ කෙරිණි.


මැති ඇමතිවරුන්, නියෝජ්‍ය , රාජ්‍ය අමාත්‍යවරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මෙන් ම එක්සත් ජාතික පාක්ෂිකයන් සමඟ කැවුම් කිරිබත් අනුභව කරමින් අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා නව වසර ඇරැඹීය.


කොළඹ සේදවත්ත පුරාණ විහාරාධිපති අඹන්විල ඥානාලෝක හිමි ප්‍රමුඛ මහා සංඝරත්නය සෙත් පිරිත් සජ්ඣායනා කර අගමැති ප්‍රමුඛ රජයට සෙත් පැතූහ.


එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක නිවාස ඉදිකිරීම් සහ සංස්කෘතික අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා ප්‍රමුඛ එක්සත් ජාතික පෙරමුණේ නායකයෝ මෙම අවස්ථාවට සහභාගී වූහ.



(අංජුල මහික වීරරත්න , ඡායාරූප- ලහිරු හර්ෂණ)