සංචාරකයෝ කෑම සොයා චූන් පාන් වෙත යති


(එම් .සුසිල්  ප්‍රියන්ත සහ  දයා සිරිල් ධම්මික  )

            ඇතිවී තිබෙන කොරෝනා වයිරස් බිය සමගම  සිය රටවලට යාමට නොහැකිව  හික්කඩුව සංචාරක පුරවරයේ  කොටුවී සිටින සංචාරකයින්ට තමන්ගේ ආහාර සපයා ගැනීම දැඩි දුෂ්කර කාර්යක්ව තිබේ .

ඇදිරි නීතියත් සමගම හික්කඩුවේ සංචාරක හෝටල් හා ආපනශාලා වසාතිබීම සහ කොරෝනා බිය නිසා  කිසිවෙකු විදේශිකයින්ට ආහාරපාන දිමට ඉදිරිපත් නොවීම නිසා එවැනි තත්ත්වයක් ඇතිව තිබේ.
 
එවැන් මොහොතක අද (25 ) පස්වරුවේ හික්කඩුව ප්‍රදේශයේ ගමන්ගත් චූන් පාන් රථයකින් සංචාරකයින් පිරිසක් කෑම ගන්නා අයුරු.