සංහිඳියා දුම්රිය ගමන් අරඹයි


(ශාන්ත රත්නායක)
 
සමස්ත ලංකාවාසීන්ට සෙත් පතා මාතර සිට කන්කසන්තුරය දක්වා පිරිත් සජ්ඣායනා කරමින් ධාවනය කෙරෙන සංහිඳියා දුම්රිය අද (4) මාතර දුම්රිය ස්ථානයෙන් ගමන් ආරම්භ කළේය.

2018 රාජ්‍ය වෙසක් උත්සවයට සමගාමීව, බුද්ධ ශාසන අමාත්‍යාංශය, ශ්‍රී ලංකා දුම්රිය සේවය හා ප්‍රවාහන අමාත්‍යාංශයේ දායකත්වයෙන් මෙම පිංකම පැවැත්වේ.

පස්වරු 2.10 ට පමණ එම දුම්රිය කොළඹ කොටුවට පැමිණි අතර එහි සිටි භික්ෂුන් වහන්සේලා  මහජනතාවට පිරිත් නුල් ගැට ගසා ආශිර්වාද කළහ.