සජිත් කැලණි විහාරය වැඳ පුදා ගනී


(නිමල කොඩිතුවක්කු)

ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂක එජාප නියෝජ්‍ය නායක නිවාස ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස මහතා කැලණිය රජමහා විහාරයට ගොස්   අද (10) උදෑසන ආගමික වතාවත්වල නිරත විය.

එහිදී සජිත් පේ‍්‍රමදාස මහතාට කැළණිය රජමහා විහාරාධිපති කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත හිමියන්ගේ ආශිර්වාදය හිමිවිය.

ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් පේ‍්‍රමදාස මහතා සිය ජනාධිපති මැතිවරණ ව්‍යාපාරය ආරම්භ කිරීමට පෙර ආගමික වතාවත්වල නිරත වීම සඳහා මෙලෙස කැලණිය රජමහා විහාරයට ගොස්   තිබිණි.

මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් වන  ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා සහ හර්ෂණ රාජකරුණා යන මහත්වරුන් ඇතුළු විශාල පිරිසක් සහභාගී විය.