සන්නද්ධ හමුදා අනුස්මරණ දිනයේ පොපි මල් සැමරුම


ශ්‍රී ලංකා  සේවා  මුක්ත  භට සංගමය විසින් සංවිධානය කළ  2019  සන්නද්ධ  හමුදා  අනුස්මරණ  දිනය  හා  පොපි මල්  සැමරුම කොළඹ  විහාරමහා දේවී උද්‍යානයේ  පිහිටි   යුද  ස්මාරකය  අසලදී  අද  (11) සිදුකෙරිණි .

මෙම  අවස්ථාවට   ආරක්ෂක ලේකම්  ජනරාල්  ශාන්ත  කෝට්ටේගොඩ  , ආරක්ෂක  මාණ්ඩලික ප්‍රධානී  අද්මිරාල්  රවීන්ද්‍ර විජේගුණරත්න , යුද  හමුදාපති ලුතිනල් ජනරාල් ශවේන් සිල්වා  , නාවික හමුදාපති  වයිස්  අද්මිරාල්   පියල් ද සිල්වා , ගුවන්  හමුදාපති   එයාර්  මාර්ෂල්   සුමංගල   ඩයස් ,   යන  මහත්වරු ඇතුළු   ආරක්ෂක අංශය නිලධාරිහු  රැසක්  සහභාගී වූහ.

ඡායාරූප    චතුර එස් .කොඩිකාර