සඳහිරු සෑයේ නිධන් වස්තු තැන්පත් කරති


(දයාරත්න ඇඹෝගම)

අනුරාධපුර පුජා භුමියේ ඉදිවෙමින් පවතින සඳහිරු සෑයේ හතරැස් කොටුවෙහි නිධන් වස්තු තැන්පත් කිරීමේ පූජෝත්සවය  මහා සංඝරත්නයේ සෙත් පිරිත් සජ්ඣායනා මධ්‍යයේ, දහස් සංඛ්‍යාත සැදැහැවතුන්ගේ සාදුහඬ මැද ආරක්ෂක ලේකම් ජනරාල් කමල් ගුණරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

අලංකාරවත් පෙරහරකින් නිදන් වස්තු සඳහිරු සෑ පරිශ්‍රයට වැඩමවනු  ලැබීය. අනතුරුව මහා සංඝරත්නය විසින් නිධන් වස්තු තැන්පත් කරනු ලැබූහ.

සඳහිරා සෑයේ චූඩා මාණික්ය මෙදින වැඩම කරවිමද විශේෂත්වයකි. 

ආරක්ෂක ප්‍රධානීන් පිරිසක් මෙම අවස්ථාවට එක් වූහ.