සබරගමුව මහ සමන් දේවාලය වෙනුවෙන් සමරු මුද්දරයක්


සබරගමු මහ සමන් දේවාලයේ 795 වන වරට පැවැත්වෙන ඇසල පෙරහර මංගල්‍ය වෙනුවෙන් සමරු මුද්දරයක් සහ මුල්දින කවරයක් නිකුත් කිරීමට තැපැල් දෙපාර්තමේන්තුවේ මුද්දර කාර්යාංශය කටයුතු කර තිබේ.

රුපියල් 15.00 ක වටිනාකමකින් යුතු මුද්දරය අද (02) රාත්‍රී 8.00 ට සබරගමුව මහ සමන් දේවාල පරිශ්‍රයේදී නිකුත් කිරීමට නියමිතය.

(ඡායාරූප - ගයාන් අමරසේකර)