සබරගමුවේ භූ විඥාපන පීඨය සිසු අයිතියට


ප්‍රින්ස් රත්නායක 
 
මිලියන155 ක වියදමින් ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයේ භූ විඥාපන පීඨයේ දෙවන අදියර යටතේ ඉදි කළ  පීඨ පරිශ්‍රය අද (22) සිසු අයිතියට පැවරීම සිදුකෙරුණි. 
 
මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම් ඩී. සී. දිසානායක මහතා  ඇතුලු  නිලධාරීහු එම අවස්ථාවට  සහභාගීවිය.   
 
මෙම අවස්ථාවට විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය එම්.සුනිල්ශාන්ත මහතා, පීඨාධීපතිවරු ලේඛකාධීකාරී ඇතුලු පරිපාලන කාර්ය මණ්ඩලය අධ්‍යයන හා අනධ්‍යන සේවක මහත්ම මහත්මීහු සිසු පිරිස උත්සව අවස්ථාවට සහභාගීවූහ.