සම සෞඛ්‍ය සිසුහු කොළඹදී විරෝධයක


(ඉෂාන් සංජීව)

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සම සෞඛ්‍ය විද්‍යා පීඨ සිසුන්ට පේරාදෙණිය රෝහලේ සායනික පුහුණුව දෙන ලෙස ඉල්ලමින් පේරාදෙණිය විශ්ව විද්‍යාල මහා ශිෂ්‍ය සංගමය අද(27) කොළඹ කොටුවෙන් විරෝධතාවයක් ඇරඹූහ.

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ සහායද ඇතිව එම විරෝධය සංවිධානය කර ඇති අතර ඔවුහු පාගමනින් කොළඹ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමට ගමන් කිරීමට නියමිතය.