සමගි ජනබලවේගය ‘දුරකථනය‘ ජනගත කරයි


( ළහිරු හර්ෂණ)

සමගි ජනබලවේගය ‘ලකුණ‘ ලෙස දුරකථනය  ජන ගත  කිරීමේ උත්සවය එහි නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල වොටර්ස් එජ් හෝටලයේ දී පැවැත්විණි.

 එහිදී නව ලංකා නිදහස් පක්ෂ සමගි ජන බලවේගය  සමඟ සන්ධානගත වීම සිදු වූ අතර නව ලංකා නිදහස් පක්ෂයේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා සහ සමගි ජන බලවේගයෙන් නායක සජිත් ප්‍රේමදාස මහතා අතර ගිවිසුම් හුවමාරුවක් ද සිදු විය.
 
සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර ජාතික හෙළ උරුමයේ නායක පාඨලි චම්පික රණවක, සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ නායක රිෂාඩ් බදුර්දීන්, දෙමළ ප්‍රගතිශීලී සන්ධානයේ නියෝජ්‍ය නායක පලනි දිගම්බරම්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මංගල සමරවීර, හරීන් ප්‍රනාන්දු, ඒ එච් එම් ෆවුසි, හිරුණිකා ප්‍රේමචන්ද්‍ර, අශෝක් අබේසිංහ, හර්ෂ ද සිල්වා, ජේ සී අලවතුවල ඇතුළු පිරිසක් ද සහභාගී විය.