සමගි වනිතා බලවේගය ජනගත කරයි


(නිමල කොඩිතුවක්කු)
 
සමගි ජනබලවේගයේ කාන්තා බලවේගය වන සමගි  වනිතා  බලවේගය එළිදැක්වීම සමගි ජනබලවේගයේ නායක හිටපු විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ නෙලුම්පොකුණ රංග ශාලාවේදී අද (13) පස්වරුවේ සිදුකෙරිණි.
 
සමගි වනිතා බලවේගයේ වෙබ් අඩවිය ජනගත කිරීමද සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් මෙහිදී සිදුකෙරිණි.
 
මෙම අවස්ථාව සඳහා සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර, ජලනි ප්‍රේමදාස, හේමා ප්‍රේමදාස, හිරුණිකා ප්‍රේමචන්ද්‍ර යන මහත්ම මහත්මීන් සහ සමගි වනිතා බලවේගයේ නියෝජිතයන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
 
(ඡායාරූප : රොමේෂ් ධනුෂ්ක සිල්වා)