සමනළ වැවේ ජල මට්ටම පහත බැස නටඹුන් මතුවෙයි


(සම්පත් ප්‍රියනන්දන) 

මේ දිනවල පවතින වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් සමනළවැවේ ජලමට්ටම සීග‍්‍ර ලෙස පහළ බැසීම නිසා ජලාශයට යට වූ කිංචිගුණේ විහාරස්ථානයේ සහ කිංචිගුණේ  ගම්මානයේ නටඹුන් මතුව තිබේ.

වියලි කාළගුණය හේතුවෙන් සමනළවැවේ ජලමට්ටම පහළ බැස ගොස් ඇති අතර ඉදිරියේදී විදුලිය නිපදවීමද ගැටලුවක් විය හැකි බව ලංකා විදුලිබල මණ්ඩලයේ ප‍්‍රකාශකයෙක් පැවැසීය.